මහා
‘Alexander the Great’ යන්න ‘මහා
ඇලෙක්සැන්ඩර්’ ලෙසද ‘Peter the Great’ යන්න ‘මහා
පීටර්’ ලෙසද සිංහලට
පරිවර්ථනය කරන අපි, අපේ කුඩා බොරළු පාරවල් වලට පවා 'මහා මාර්ග' යැයි කියමු. සුළු ම දෙයක්
වුවද ‘මහා’ දෙයක් ලෙස නම්කිරීම
අපිටම ආවේනික රෝගයක් වැන්න. උදාහරණයක් ලෙස කිසියම් ජන කණ්ඩායමකට, ගෝත්‍රයකට, හෝ කිසියම් ප්‍රදේශයකට
පමණක් ආවේනික සමාජරෝග ඇති එඬේර ජනකොටස් රුසියානු ස්ටෙප්(Steppe) තණබිම පුරා අදටත් ජීවත් වෙති. එක අතකට ‘මහා’ අපිට ම අනන්‍ය වූ
අපේම සමාජ රෝගයකි. කූඹියාට සුළුදිය පහරත් 'මහා' ගංගාවකැයි සමහරු කියනු මට ඇසී ඇත.
පාරවල්
අපේ
පාරවල් භාවිතාකරන්නන් අතරින් මිනිසුන්, රථ-වාහන,
හරකුන්,
බල්ලන්, පූසන්, ඌරන්, සහ
එළුවන් මුල් තැනක් ගනී. දිනපතා පාරේ සින්නක්කරේට පදිංචි වන්නන් අතර ලෑලි-තට්ටු වෙළඳුන්, හිඟන්නන්, සහ
යාචකයින් මුල් තැනක් ගනී. හිඟන වැඩ කරන කොයි කවුරුන් හිඟන්නන් වන අතර කීයක් හරි
හොයාගැනීමට රැවටිලි හෝ ඇවටිලි කරන උදවිය යාචකයින් ය. මේ අතර ම ගොන්නුන්, මීහරකුන් සහ බූරුවන් විශාල ප්‍රමාණයක් ද විවිධාකාරව මෙන්ම විවිධ කර්තව්‍යයන් සඳහා
පාරවල් භාවිතා කරන බව පෙනේ.
බිමක හැටි
අපේ පාරවල් සමතලා වියයුතුයැයි අපි සිහිනයකිනුදු නොසිතමු - නොපතමු. ගල්-මුල් , ගැලවුණු තාර
කැබලි, පාරේ හෑරූ
වලවල්, කුණු ගොඩවල්, විවිධාකාර අසූචි ගොඩවල්, ටිං බෙලෙක්ක, වතුර වලවල් වැනි දේ, මිනිස් සිරුරක
අවයවමෙන් පාරකද තිබිය යුතුම අංග ලෙස දකිමු. සමතලා පිරිසිදු පාරක පින්තූරයක් ඉරිදා පත්තරයක දකින අපි 'මේ ලංකාවේ ම දැයි?' අපෙන්ම අසමු.
...ලියමන ඉවර නැත!
ඉතිරිය පසුවට...
ප.ළි.
'බොහිමියානු නොස්ටැල්ජියාව ෆැන්ටසියක්ද?' ඇත්නම් අහවල් බම්බුවක් දැයි ඉඩක් කඩක් ලැබුණුවිගස ලියා මේ ලියමන ළඟදීම අවසන් කරමි.
'බොහිමියානු නොස්ටැල්ජියාව ෆැන්ටසියක්ද?' ඇත්නම් අහවල් බම්බුවක් දැයි ඉඩක් කඩක් ලැබුණුවිගස ලියා මේ ලියමන ළඟදීම අවසන් කරමි.