ස්වභාවිකව දේශීය සහ විදේශීය බහුභූතවලට පෙම්බැඳ වානිජ්‍ය හෝ කළාත්මක පඹගාල් වල අනන්තවත් පැටලී ඇති එකම පුත්ගලයා මා නොවිය යුතුය. කොලපොත් වල ලියූ අගක් මුලක් නැති වැල්වටාරම් හිසකේ ගණනට කියවා ඇත්තෙමි. එතෙන මෙතෙන කුරුටු ගෑ බලි බලා ඇත්තෙමි. කරච්චල්, මුරගෑම්, අඳෝනා, හා අවලාද ආදියටද දහස් ගණනින් සවන්දී ඇත්තෙමි. මේවා වැඩිහරියක් මම කොහෙත්ම රසවින්දේ ද විඳින්නේ ද නැත. විඳීම සිදුවන්නේ ඒ නිර්මාණය අපට ඇහෙන, පෙනෙන, දැනෙන හෝ කියවන අවස්ථාවේදීමය. එය පස්සෙ මතක්කරලා, පුලුවන්වෙච්ච වෙලාවක, තේරිච්ච වෙලාවක, කාගෙන්හරි අහලා, හෝ reviews බල බලා කළහැකි වැඩක් නොවේ. එසේ කරතොත් ඒ මතක්කරමින් විඳින්නේ තමන්ට මුල් නිර්මාණයෙන් ග්‍රහණය කරගතහැකි වූ අදහස් යොදාගෙන තමා තම මනසේ මවාගන්නා ලද තමන්ගේ ම නිර්මාණයක් බව මතක තබාගත යුතුය. එහි මුල් නිර්මාණයේ අවයව හා ලක්ෂණ අඩංගු වියහැකිවුවත් මුල් නිර්මාණයේ පිටපතක්වත් වෙතැයි සිහිනෙන්වත් නොසිතිය යුතුය.
විඳිය හැකි එකම කාලය විඳින කාලයකි.
- රසික වයි. කණුවක ගලේවෙල සිට ලියයි -
No comments:
Post a Comment