අම්මට-උඩු ඇත්ත! ඇත්ත!! දර්මෙ...
සිප වැළඳ
ගැනීම් මෙන්ම ගුටි කෙළි ද ජීවිතයේ කොටස් ය. ආදරය, වෛරය, කරුණාව, ක්‍රෝධය,
සතුට, දුක ආදී හැඟීම් ඇතිනොවන සමාජයක යමෙකු ජීවත්වන්නට සිහිනදකීනම් ඔහු උම්මත්තකයෙකි,
නැතිනම් මන්ද මානසික තත්වයේ පසුවන්නෙකි. මේවා සියල්ලම පාහේ ‘අම්මට උඩු ඇත්ත නේ’
කියා එක පයින් එකඟ වියහැකි කරුණු ය. රැලේ සිටිනා බොහොමයක් ගොනුන් සහ එළදෙනුන්
ඔවැනි දෙයක් ඇසූ පමණින් ‘ආ ඕක අර සාදුත් කිව්වා, ඇත්ත තමයි, ඕකනේ අහවල් චක්කරේ
කියන්නෙත්, බුද්ධාගම පොතේ තිබුණා යැයි නානාප්‍රකාරයෙන් තප්පුලනු ඇත. යමක් තේරුම් ගැනීමත් යමකට
කඩේ යෑමත් අහස පොලොව මෙන් වෙනස් කාරනා ය. සමහරු සිතාසිටින්නේ ආගම සහ ධර්මය යනු සමාන-පද බවය. ඒවා එකිනෙකට බොහෝ සෙයින් වෙනස් තේරුම් ඇති විරුද්ධ-පද බව දකින්නේ කීයෙන් කී දෙනාද.
අපි එදිනෙදා අත්දකින ප්‍රැක්ටිකල්
චක්කරේ...
හෙවත් ස-ප්-ර-යි-ස් ... වේදිකාවෙන්
මහපොළොවට...
ඇති නැති පරතරය,
සම්පත් සමව බෙදී නොයාම, පරිසර දුෂණය, පාංශු ඛාදනය, හැන්ද ඇති එකා නැතිවෙන්න
බෙදාගැනීම, බොරදියේ මාළු ඇල්ලීම, හොද්ද පුළු-පුළුවන් හැටියට බොරකර ගැනීම, ඇස් වලට
වැළිගැසීම, සුදු නංගි පෙන්නා කළු ආච්චිව දීම, නොංජලයාට එළුවන් නිකට පෑම, ඩීල්
දැමීම, හොරකම්, කුපාඩිකම්, වලත්තකම්, රා-කසිප්පු බීම, කුඩු ගැසීම, KG ගැසීම, දඩ
ගැසීම, පොලිසියෙන් ගැසීම, පරිප්පු සෙට්වීම, බාල්දි පෙරලීම, කුඩු ගෙන්වීම, එතනෝල්
ගෙන්වීම, ගේම් ගැසීම, කැරම් ගැසීම, ක්‍රිකට් ගැසීම, මඩුවලිගෙන් තැලීම, විටකෑම, චුඉංගම්
කෑම, කුණුහරුප කීම,
ළමා අපචාර, වර්ග දෙකේම දුෂණ, LGBTQabcdefgh...මිඩියා සර්කස්, ආර්ථික ඝාතකයෝ, ගව
ඝාතකයෝ, බඩගින්නේ දහදුක් විඳ කරන අමාමහ කැම්පේන් ඉස්මුරුත්තාවටම කාපුඑවුං මහදවල්
හයිජැක් කිරීම. ලැම්බෝගිනිගැනීම, ඒ ගින්නෙන් මුදුන්-මල්-කඩ වටා රේස් පැදීම, හැප්පිලා ගිනිගෙන පිච්චිලා මැරීම, චීන විරෝධය,
ඇමරිකන් විරෝධය, LSD, ව්යාග්රා,
විල්පත්තුවේ ඇමසෝන් වනාන්තරය, වඳපෙති, සීස, සීසර්, ක්ළියෝපැට්රා ආදී ‘ඔපරේෂන්’මෙන්ම
එක අතකින් ළමය එලියට අදින ගමන් අනෙක් අතින් ‘මෙහෙම-මෙහෙම’ කරල බෝංචි කරල් මෙන්
කැඩියහැකි පැපලෝපියංලොවෙත්නැති ටියුබ්ලස් ද ලෝක ධර්මතාවයේම කොටස් ය.
83 ජුලි: ජාතිය සහ ආගම බේරාගන්නා ආකාරය |
යුටෝපියානු බුල්ටෝ...
සාධාරණ, සම්පත්
සමව බෙදෙන, අරයටත් බුල්ටො එකක් තියෙනවනම් මටත් තියෙන, සාමකාමී, පරිසරකාමී, අරකාමී-මේකාමී 'කොයිකත්-සිරා' 'ලොවෙත්-නැති' ලොවක් මෙලොව දී උදාකරගතහැකි යැයි සිතන මන්දමානසික
උම්මත්තකයින් සමාජයෙන් බහුතරයයි. ඔවුන් 'හෙට කොන්දොස්තර ඉතුරු රුපියල දේවි' යැයි
සදාකාලියව තමාගේ මරණ මංචකය දක්වාම විශ්වාසකරන වර්ගයයි. අවාසනාවකට ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයකදී
රටක වර්තමානයද අනාගතයද නිර්ණය කරන්නේ ෆැන්ටසිය යථාර්ථයයැයි සිතාසිටින මේ අසනීපකාරයින්ය. සමාජ ජංජාල, සමාජ රෝග, වෙබ්
අඩව්, කැලෑපත්තර ආදී ආහාර ජීර්ණ පද්ධතියේ පහලම කොටස් පිළිවෙලකට මෙහෙයවීමෙන් ඉහත
සඳහන් වෘෂභයන් ‘ජහ-ජහ’, ‘ශුප්-ශුප්’, ‘සේ-සේ’,’පූස්-පූස්’, ඉඤූ-ඉඤූ’ හෝ කිරිජ්ජ
පල්ලේ කෙවිටවල් ඇනීමෙන් තොරවම ගාල් කිරීම, දැක්කීම, අනුගේ සීනි කිරවා ගැනීම, තමන්ට
ආස-ආස වර්ගයේ කොස්ඇට බා ගැනීමට සම්මාදන්කරවා ගැනීම, වලවල් කප්පවා ගැනීම, සියතින් වලවල් කපාගෙන වැළලීම, රෙදි නැතිව කඩේ යෑම, අතින් වියදම්කරගෙන
අනුන්ගේ හරක් බැලීම ආදී එකී-මෙකී-නොකී දහසකුත් දේ පහසුවෙනුත් ස්වකැමත්තෙනුත් කරවා
ගත හැකිබව කැම්පේන් කරුවන් ශෝක්-එකට මීටර් කරගෙන ඇත. දුර්ලභ යැයි කියවෙන මනුෂ්‍ය ජීවිතවල ගැඹුර මස්කටුව විසිකරන විසිකරන පැත්තට දිවීම හා තොප්පි වෙළෙන්දන් අනුකරණය කිරීමෙන් කෙලවරවීම පුදුමාකාර නාස්තියකි. මනුෂ්‍ය ලෝකාවබෝධයේ මොටකම හෙවත්
තමන් අවට සිද්ධවෙන දේ ගැන හාන්කවිසියක්වත් නොතේරෙන තරමට සමාජ බහුතරය මරිමෝඩ
ටියුබ්ලයිට් බව විශ්වාස නොකලහැකි තරම් ය.
සමනල්ලු, සනමල්ලු, සහ ලෑලි කෑලි...
අපි ජීවත්වන්නේ
දඹල කා ප්‍රෝටීන් ලබාගත හැකි යැයි ද, නිවිති කා යකඩ ලබාගත හැකි යැයි ද, බිත්තර කෑ විට
පව් සිද්ද වෙනවා යැයි ද විශ්වාසකරන සමාජයකය. ජංගියේ බේත් ගෑමෙන් ගෑනුන් වඳකලහැකි
යැයි ද, පෙත්තක් බොන්නට දී පිරිමින් වඳ කල හැකි යැයි ද, සිසේරියන් සැත්කමක් අතරතුර 'මේම-මේම' කර 'ටකස් ගා' පැලෝපීය නාල කපාදැමිය හැකි ශල්‍ය වෛද්‍යවරු සිටිනවා
යැයි ද විශ්වාසකරන සමාජයකය. එකඅතකට අපේ රට මේ මට්ටමෙන්වත් පවත්වාගන්නට හැකිවීම ගැන අපි
පුදුම විය යුතුය.
මිනිසෙකු
බුද්ධිමත් වීම අරඹන්නේ තමා තමාගේම මෝඩකම් යම් තරමකින් වත් තේරුම්ගැනීමට උගත්දා ය. උගතුන් යනු තමාගේ නූගත්කම අවබෝධකරගත් මිනිසුන් ය. දළඹුවෙකු සමනළයෙකු බවට පත්වීම දුෂ්කර අභියෝගාත්මක ක්‍රියාවලියකි, එක්තරා
ආශ්චර්යකි. බුද්ධිමත්-අවබෝධයක් ඇති මිනිසුන් තමාගේ මෝඩකම් වලින් නිරතුරුව උගනිති - ඒවා අන් අයට පෙන්වමින් ආභරණ මෙන් පළඳිති. අනෙක් අතට හීන දැනුමක් ඇත්තෝ තම අණුවනකම්
තැන-තැන සඟවති. හත්පොලේ ගාගනිති - අනුන්ගේ ද ගාති - පළාතම ගඳ ගස්වති. කලඑළියේ කල ගොන්කම් සැඟවීමට ඇති දුෂ්කරතාව ගල්ගෙඩි මත පහරන ලද බල්ලන්ගෙන් වත් අසා දැනගත යුතුය.
No comments:
Post a Comment